සා.පෙළ ලියා ගෙදර යමින් සිටි සිසුවෙකුට පොලු මුඟුරුවලින් අමානුෂික ප්‍රහාරයක් (වීඩියෝ)

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව නිවස බලා යමින් සිටි පාසල් සිසුවෙකුට තවත් තරුණයන් පිරිසක් විසින් අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේ වාර්තා වනවා.

මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ කටුගස්තොට ආසන්න ප්‍රදේශයක දී ඊයේ (08) මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලු මුඟුරු රැගත් තරුණයි දෙදෙනෙක් විසින් අදාළ පාසල් සිසුවාට ඉතාමත් අමානුෂික ආකාරයෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර, විදුරු බෝතලයකින් ද පහර දී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු පොලිසියකට පැමිණිල්ලක් ලැබී නොමැති බව සඳහන්.

https://youtu.be/-YO6LTbGSF8


අපගේ නවතම වීඩියෝ පුවත්