සා/පෙළ දරුවෙකුට සංකීර්ණ වුණු ගණිතය පේපරේ ගැන චෝදනාවක් (වීඩියෝ)

පවතින අධ්‍යාපන ක්‍රමය තුළ වයස අවුරුදු 16ක් පමණ වන දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයේ දී ලිවීමට සිදු ව ඇත්තේ ඉංජිනේරුවරයෙකුට ලබාදෙන ආකාරයේ ගණිතය ප්‍රශ්න පත්‍රයකට බව 80 හැවිරිදි වියෙහි පසුවන නිමල් සිල්වා මහතා චෝදනා කරනවා.

පානදුර මහානාම විද්‍යාලයේ පිහිටුවා ඇති සා/පෙළ විභාග මධ්‍යස්ථානයක අද (24) පෙරවරුවේ පැවැත්වෙන ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණදීමට පැමිණි සිල්වා මහතා මේ බව කියා සිටියා.

පැරණි අධ්‍යාපන ක්‍රමය තුළ කලා විෂය ධාරාව, වාණිජ, ගණිතය වැනි විෂයයන්ගෙන් හදාරන සිසුන් හට වෙන වෙනම යෝග්‍ය වූ ‘අංක ගණිතය’ ප්‍රශ්න පත්‍රයක් හිමි වූ බවත්, වර්තමානය තුළ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ සාමාන්‍ය පෙළ දරුවෙකුට ලබාදෙන ප්‍රශ්න පත්‍රය සංකීර්ණ බවත් එය විෂයය නිර්දේශයේ තුළ පවතින ගැටලුවක් බවත් හෙතෙම පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට තමන් ඉදිරියේ දී නියත වශයෙන් ම අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය ද හමුවීමට බලාපොරොත්තු වන බවයි නිමල් සිල්වා මහතා සඳහන් කළේ.

එමෙන්ම අමතර පන්ති සඳහා මුදල් වැය කිරීමට වත්කමක් නොමැති දරුවන් හට ගණිතය ඉගෙන ගැනීමට තමන් කෘතියක් ද සම්පාදනය කර ඇති බව ඒ මහතා කියා සිටියා.

  1. මම සාමාන්‍ය පෙළ කරන විට වයස අවුරුදු 14 යි. එකල සාමාන්‍ය පෙළ විභාගයට ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය හා උසස් ගණිතය වශයෙන් විෂයයන් 3 කට සාර්ථකව මුහුණ දුන් අතර, ඒවා එකල අපට ගැටළුවක් නොවුනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46