සාම පා ගමනට ගෞරව දැක්වීම විනයානුකූල හා සංයමයකින් කරන්න – පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්

සාම පා ගමනට ගෞරව දැක්වීම විනයානුකූල හා මනා සංයමයකින් යුක්තව සිදුකරන ලෙසත්, ස්වාමීන් වහන්සේලා සහ දූත පිරිසට බාධා හෝ හිංසාකාරී වන ක්‍රියාවන් සිදු නොකරන ලෙසත් පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ මෙම සාම පා ගමනට එක්ව සිටි ස්වාමීන් වහන්සේලාගේ සහ දූත පිරිසේ ආරක්ෂාව සැලසීම මහජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙසයි.

අදාළ නිවේදනය මඟින් පොලිසිය අවධාරණය කර ඇත්තේ, සාම පා ගමනට එක්ව සිටින ”ආලෝකා” සුනඛයා ස්පර්ශ කිරීමට උත්සහ කිරීම හා සුනඛයා සමඟ සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ඇතැම් පුද්ගලයින් උත්සහ කරන අවස්ථා නිරීක්ෂණයට ලක්ව ඇති බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශයන්ව ජනතාව එක් රැස් වන ස්ථානවල දී එකිනෙකා තල්ලු කර ගැනීම්, තෙරපීම් ද නිරීක්ෂණය වූ බවත් එය සාම පා ගමනට එක්ව සිටින ස්වාමීන් වහන්සේලාට බාධාවක් සහ හිරිහැරයක් බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර පා ගමනෙහි යෙදී සිටින ස්වාමීන් වහන්සේලා කෙරෙහි සැදැහැ සිතින් යුතුව මග දෙපස රැස්ව සිටින මහජනතාව විවිධ ආහාර පාන, රස කැවිලි, ජල බෝතල්, මල් කලඹ ආදිය පූජා කරනු ලබන අතර, ඇතැම් ප්‍රදේශ වලදි පාද ස්පර්ශය සඳහා මාර්ගය පුරා කෙසෙල් කොළ ඇතිරීමද සිදුකරනු ලබන බවත් බැතිමතුන් තුළ පවතින එම ගෞරවය හා උනන්දුව ඉතා අගය කොට සලකන බවත් පොලිසිය අදාළ නිවේදනයෙන් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් සාම පා ගමනට ගෞරව දැක්වීම විනයානුකූල හා මනා සංයමයකින් යුක්තව සිදු කරන ලෙසයි පොලිසිය වැඩිදුරටත් මහජනතාව වෙත දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33
Video thumbnail
මොරටුව සලිත කරමින් ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති - හැමෝටම උපදෙස් දෙයි
03:35
Video thumbnail
සොයිසාපුර ගින්න ගැන නි. ඇමති එරංග හෙළිකල දේ - මිනිස්සු ජීවත්වෙනවා කියලා හිතන්නේ නැතුව හදපු නිවාස
07:42
Video thumbnail
අනෝජන් ගැන ප්‍රශ්න කරද්දි ඇමතිතුමා සෘජු පිළිතුරු දෙන්න අකමැති වුණා
07:01
Video thumbnail
සජබ විරෝධතාවට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - ආතල් දාන්න නෙවෙයි පාර්ලිමේන්තුවට එන්නේ..ඇයි මෙච්චර බය ?
10:57
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.24
09:18:51
Video thumbnail
අනේ මට මැ#න්න බෑ..ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට - උඹ ආවනම් ගුටි කාගෙන හිටපන් කියනවා ඒජන්සිය බැන්නා
06:10
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27