සාකච්ඡා සාර්ථක නොවූ නිසා අන්තරේ යළිත් මල්වානේ නිවසට

රාජ්‍ය දේපළක් බවට පත්කර ඇති මල්වානේ පිහිටි අක්කර 16ක සුප්‍රකට ඉඩමට ඇතුළු වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් අද (16) සවස බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියා.

ඒ එම අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් සඳහා ලැබුණු ආරාධනාවට අනුවයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි බවත් අමාත්‍යාංශ ලේකම්වරු කිහිපදෙනෙක් සමග සාකච්ඡා කළ ද එම සාකච්ඡා සාර්ථක නොවීම නිසා තවදුරටත් මල්වානේ ඉඩමේ රැඳී සිටින බවට අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා පවසනවා.

තවද මෙම සිදුවීමත් සමග විපක්ෂයේ දේශපාලකයන් කලබල වී ඇති බවත් බැසිල් රාජපක්සට අයත් වූ මෙම ඉඩම වැනි ඉඩම් තවත් තිබෙන බවත් එම ඉඩම් අධ්‍යාපනය ක්ෂේත්‍රයට පවරාගෙන විශ්ව විද්‍යාල වල පවතින ගැටලු සඳහා ලබාදිය යුතු බවත් සසිඳු පෙරේරා ප්‍රකාශ කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15