ස්වාධීන කොමිෂන් සභාවලට නව සාමාජිකයන් පත් කිරීම තවත් කල් යන ලකුණු

ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි තොරතුරු වාර්තා වනවා.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් වීමට සුදුසුකම් ලත් සාමාජිකයින්ගෙන් අයදුම්පත් භාර ගැනීම පෙබරවාරි 15 වැනිදායින් අවසන් වුණා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම වෙනුවෙන් පසුගිය මාසයේ දී යි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත් කැඳවනු ලැබුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41B වගන්තියේ උපලේඛනයේ දක්වා ඇති විධිවිධාන යටතේ මෙම පත්වීම් සිදු කරනු ලබනවා.

පුවත්පත්වල ද අදාළ දැන්වීම් පළකර තිබුණා.

අයදුම්පත් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වීම, නුසුදුස්සන් විසින් අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ ඇතැම් අවස්ථාවල කොමිෂන් සභා එකකට වඩා සාමාජිකයන් වීමට ඇතැම් පුද්ගලයන් ඉල්ලුම් කර තිබීම හේතුවෙන් තේරීම් ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු සියලු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කළා.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද යළි පිහිටු වීමට පියවර ගැනුණා.

ඒ අනුව කවුන්සිලය විසින් ස්වාධීන කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කළ යුතු අතර පත්කිරීම අවසන් වන තුරු දැනට සිටින සාමාජිකයින් අන්තර්වාර පදනම මත ක්‍රියා කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33