ස්වාධීන අධිකරණයක් සහ නිදහස් මැතිවරණයක් ඉල්ලා ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය දැඩි සටනක

බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය වන අලීමා ඛාන් (Aleema Khan) මෙනෙවිය, එරට වත්මන් පාලකයන්ට සහ ආරක්ෂක බලධාරීන්ට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

රාවල්පිණ්ඩි හි අඩියාලා (Adiala) බන්ධනාගාරයේ සිටින තම සහෝදරයා බැලීමට බලධාරීන් නැවත වරක් ඉඩ නොදීමෙන් පසුව, ඇය මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළා.

එහිදී ඇය අවධාරණය කළේ, වත්මන් දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස කිසිදු රහසිගත හෝ පෞද්ගලික වාසි තකා සිදුකරන ගිවිසුම්වලට තමන් එකඟ නොවන බවයි.

පාලකයන් සමඟ එකඟ විය හැකි එකම කොන්දේසිය වන්නේ රට තුළ ස්වාධීන අධිකරණ පද්ධතියක් (Independent Judiciary) නැවත ස්ථාපිත කිරීම සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් (Free Elections) පැවැත්වීම පමණක් බව ඇය පවසා සිටියා.

බන්ධනාගාරය අවට මාර්ග වසා දමමින් පනවා ඇති දැඩි ආරක්ෂක සීමාවන් මඟින් පෙන්නුම් කරන්නේ ඉම්රාන් ඛාන් වෙත පවතින ජනතා ආකර්ෂණයට රජය දක්වන බිය බවයි ඇය පෙන්වා දෙන්නේ.

තම සහෝදරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජය තුළ කතාබහක් ඇතිවීම වැළැක්වීමට බලධාරීන් උත්සාහ කරන බවට ද ඇය චෝදනා කළා.

නිදහස් මාධ්‍යයක් සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයන් සහ ‘පී.ටී.අයි’ (PTI) පක්ෂය දිගටම සටන් කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40