ස්වයංක්‍රීය ගිනි අවියක් සහ හෙරොයින් සමඟ දෙදෙනෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)

විදෙස් රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය, පනාමුර ප්‍රධාන මාර්ගයේ වල්ලුනුමඩ ප්‍රදේශයේ දී ඊයේ (07) මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

යතුරුපැදියකින් පනාමුර ප්‍රධාන මාර්ගයේ වල්ලුනුමඩ දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ක්ෂණික මාර්ග බාධක යොදා පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

එහි දී විදෙස් රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක්, ජීව උණ්ඩ 08ක් පුරවන පතුරම් ගැබක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ වාහන අංක තහඩු දෙකක් සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් දෙදෙනා 32 හැවිරිදි වියේ සහ 38 හැවිරිදි වියේ පසුවන්නන් දෙදෙනෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගන්නා ලද ගිනි අවිය පසුගිය කාලය තුළ මිද්දෙනිය ප්‍රදේශයේ සිදුකරන ලද මිනිස් ඝාතනය සඳහා කුලී පදනම මත ලබාදුන්නේ ද යන්න පිළිබඳව පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2022 08 08 at 6.56.26 AM
WhatsApp Image 2022 08 08 at 6.56.27 AM 1
WhatsApp Image 2022 08 08 at 6.56.27 AM 2
WhatsApp Image 2022 08 08 at 6.56.27 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?