ස්ලෝවැකියානු අගමැතිට වෙඩි

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝට බ්‍රැටිස්ලාවා ජීවිත අවදානමෙන් මිදී ඇති බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පවසනවා.

බ්‍රැටිස්ලාවා අගනුවර සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ලෝවා හිදී අග්‍රාමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිරිපිට මිනිසුන්ට ආචාර කරමින් සිටියදීයි.

එහිදී බරපතල තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා පැය 3කට අධික කාලයක් ශල්‍යකර්මයකට භාජනය කෙරුණු අතර මේ වනවිට ඔහු ජීවිත අවදානමෙන් මිදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අග්‍රාමාත්‍යවරයාට වෙඩි ප්‍රහාර 05ක් එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, තහවුරු නොකළ දේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහු 71 හැවිරිදි ලේඛකයෙකු සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ස්ලෝවැකියාවේ මහජන විකාශන ආයතනය අහෝසි කිරීමට ආණ්ඩුව යෝජනාවක් ගෙන ඒමත් සමග වන අතර, ඊට එරට ජනතාව විරෝධය පළ කරනවා.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබීමේ පුවත වාර්තා වීමත් සමග විපක්ෂයේ නායකත්වයෙන් සැලසුම් කර තිබූ විරෝධතාවක් අත්හිටුවීමට පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27
Video thumbnail
එජාපයේ දෙබිඩි පිළිවෙතක් තියෙනවනම් එතන අපිට ඉන්න බැහැ - ආශුගෙන් දැඩි ප්‍රකාශයක්
03:34
Video thumbnail
නාමල්ට අල්ලස් දුන්නැයි කියන ජානකී රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:15
Video thumbnail
අගමැතිතුමිය එක්ක ෆොටෝ ගන්න අපිත් කැමතියි
00:54
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45