spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්පා හිමිකරු තරුණියකට කළ පහරදීම CCTV කැමරාවේ (වීඩියෝ)

ස්පා හිමිකරුවෙකු විසින් තරුණියකට අමානුෂික අන්දමින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට ඉන්දියාව තුළ කතාබහට ලක්ව තිබෙනවා.

ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි 24 හැවිරිදි තරුණියකට අදාළ ස්පා හිමිකරුවෙකු විසින් මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ ස්පා හිමිකරුගේ ව්‍යාපාරික සහකාරිය වෙත මෙලෙස පහර දී ඇති බවයි.

පසුගිය 25 වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර, සිද්ධිය සිදුවූ ස්ථානය අසල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක පටිගත වූ දර්ශන මෙලෙස සමාජ මාධ්‍යවල ප්‍රචලිත වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණිය විසින් ස්පා හිමිකරුට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර, විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම සිද්ධියට මූලික වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය බොහෝ පිරිසකගේ අප්‍රසාදයට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය තොරතරු වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
0
+1
3
+1
6
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?