spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්පාඤ්ඤයේ සමාජ ශාලාවක ගින්නක්

ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 7දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එරට වේලාවෙන් උදෑසන 06ට පමණ, Atalayas ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ.

මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ස්පාඤ්ඤ බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර සහන කණ්ඩායම් විසින් අතුරුදන් වූවන් සහ එම අවස්ථාවේ පරිශ්‍රයේ සිටි පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරතව සිටිනවා.

ගින්න හමුවේ ඇතිවූ දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් 4 දෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

සමාජ ශාලාව කාර්යබහුල අවස්ථාවක ඇති වූ මෙම ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ.

මර්සියා නගර ශාලාව අනතුර සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කරන අතර විපතට පත් වූවන්ට ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?