ස්ථානාධිපතිවරු 32කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 32කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.