ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගික ව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇති ව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව ස්ටීම් ක්‍රමවේදය අද අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීම සිදු කෙරුණා.

කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේ යි ස්ටීම් අධ්‍යාපන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද පැවැත්වුණේ.

ඊට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කළේ ඇමරිකාව ප්‍රමුඛ ලොව පුරා රටවල් 96ක පමණ භාවිත වන ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් වශයෙන් ස්ටීම් අධ්‍යාපනය හඳුන්වා දිය හැකි බවයි.

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය හතර මූලික කරගෙන ස්ටෙම් නමින් (STEM- Science, Technology, Engineering, Mathematics) ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම විසින් 1999 වසරේ දී එරටට හඳුන්වා දුන් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය අද වන විට සංවර්ධනය වී කලා විෂයන් ද ඇතුළත් ව ස්ටීම් අධ්‍යාපනය නමින් (STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ලොව පුරා ප්‍රචලිත ව තිබෙනවා.

වත්මන් පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය ඔස්සේ අභිනවයෙන් මෙරටට හඳුන්වා දෙන මෙම ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විෂය ධාරාව අනුව කිසි දු දරුවකු පාසල් අධ්‍යාපනයෙන් අතරමග දී ඉවත් නොකෙරෙන අතර අද අනවරත තරගයකට මැදි ව සිටින සිසුන්ට විමර්ශනශීලී ව සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි සුහුරු පාසල් පරිසරයක් නිර්මාණය වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමගින් දරුවන්ට කණ්ඩායම් හැඟීමෙන් යුතු ව සහයෝගයෙන් නිදහසේ ඉගෙනගත හැකි බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

එසේ ම සිංගප්පූරුව වැනි රටවල විද්‍යා මධ්‍යස්ථාන, කෞතුකාගාර වැනි ස්ථාන පිරී පවතින්නේ ප්‍රාථමික හා පෙර පාසල් වියේ දරුවන්ගෙන් බවත් පූර්ව ළමා වියේ දී ම ඒවා නිරීක්ෂණයට ලැබෙන අවස්ථා සමග ජනිත වන කුතුහලය ඔස්සේ සිසුන් තාර්කික චින්තනයට නැඹුරු වන බවත් පැවසූ අමාත්‍යවරයා නුදුරු අනාගතයේ ම මෙරටටත් විද්‍යා මධ්‍යස්ථානයක් ලබා දීමට පියවර ගන්නා බව ද මෙහි දී සඳහන් කර තිබෙනවා.

කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, ජෛව හා නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි ලොව නැගී එන විෂයන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට මෙන් ම පාසල් අධ්‍යාපනයටත් ඇතුළත් විය යුතු අතර කෘත්‍රීම බුද්ධිය නිසා ඉදිරියේ දී රැකියා අහිමි වන මිලියන 300ක ජනතාව වෘත්තීය ක්‍රියාදාමයට අනුගත කරගැනීමේ මං සොයන ලෝකය සමග අප ද එක් විය යුතු බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දෙනවා.

නව අධ්‍යාපන පරිවර්තන හරහා මෙරට දරුවන්ට එයට මග සැලසෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

දැනුම අතින් ඉහළ ස්ථානයක සිටින මෙරට ශිෂ්‍ය ප්‍රජාවට සිය කුසලතා ඔප් නංවා ගැනීම මගින් ඊට අනුගත වීම එතරම් දුෂ්කර නොවනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉදිරියේ දී දීපව්‍යාප්ත ව ක්‍රියාවට නැංවෙන මෙම නව අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ දෙස් විදෙස් සේවයේ නියුතු ශ්‍රී ලාංකික විද්‍යාඥයන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් හා වෙනත් විද්වතුන් සමග බුද්ධිමය සංවාද හා සාකච්ඡාවල යෙදෙමින් ප්‍රායෝගික ව විෂය සිද්ධාන්තමය දැනුම උකහා ගැනීමේ අවස්ථාව මෙරට පාසල් සිසුන්ට උදා වනු ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා මේ අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන‍ඥයන්, විද්වතුන් හා නිලධාරීන් මෙන් ම ප්‍රතිලාභී ශිෂ්‍ය ප්‍රජාව ද ඇගයීමට ලක් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26