ස්ටිකර් අලෙවිසැලක් ගිනිබත් වෙයි (වීඩියෝ)

කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (03) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇත්තේ වැහැර ප්‍රදේශයේදීයි.

එම ප්‍රදේශයේ පිහිටි ස්ටිකර් වෙළෙඳසැලක මෙම ගින්න හටගෙන ඇති බව කුරුණෑගල පොලිසියෙන් අප කළ විමසීමක දී එහි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු තහවුරු කළා.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවුණ ද විශාල දේපොළ හානියක් සිදු ව ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් ගින්න මේ වනවිට පැතිර යාම නවතා ඇති බවත් ඊට ගිනි නිවීමේ රථ ද පැමිණ සහාය වූ බවත් කුරුණෑගල පොලිසිය සඳහන් කළා.