සහකාරියක් බැලීමට නිවසට ගිය පුද්ගලයෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්

පුවත්පතක පළ වූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවසට ගිය අවස්ථාවේ රැගෙන ආ කේක් සහ කෙසෙල් ගෙඩි ඇතුළු භාණ්ඩවලට වැය වූ මුදල යළි ලබාදෙන ලෙස ඉල්ලා පුද්ගලයෙකු පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙලෙස මිනුවන්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

සහකාරිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තැනැත්තියක් වන අතර, ඇයගේ දෙමව්පියන් විසින් තම දියණියට සුදුසු සහකරුවෙකු සොයාගැනීම සඳහා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර තිබෙනවා.

එම මංගල දැන්වීම අදාළව පැමිණිලිකරු සිය ඥාතීන් පිරිසක් සමඟ සහකාරිය බැලීම සඳහා ඇයගේ නිවසට ගොස් ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඔහු තවත් අවස්ථා හතරක දී සහකාරිය බැලීමට ඇයගේ නිවසට ගොස් ඇති අතර, එහිදී මොහු විසින් කේක්, කෙසෙල් ඇතුළු භාණ්ඩ රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ තැනැත්තිය මෙම පුද්ගලයාට මනාප නොමැති බව ඇයගේ මව්පියන් විසින් මොහුට පවසා තිබෙනවා.

එම ප්‍රකාශයත් සමඟ ඊට උරණ වූ මෙම පුද්ගලයා මිනුවන්ගොඩ පොලිසිය ගොස් පැමිණිල්ලක් කර ඇත්තේ සහකාරිය බැලීමට නිවසට ගිය අවස්ථාවල රැගෙන ගිය කේක්, කෙසෙල් අහ භාණ්ඩවලට වැය වූ මුදල් යළි ලබාදෙන ලෙස දන්වමිනුයි.

මෙම පැමිණිල්ලට අදාළව තරුණියගේ පාර්ශ්වය ද පොලිසියට කැඳවා කළ විමර්ශනයේදී පැමිණිලිකරුට ගිය වියදමට වඩා වැඩි වියදමක් ඔහුට සහ ඔහුගේ ඥාතීන්ට සැළකීමට වියදම් වූ බව තරුණිගේ පාර්ශ්වය පවසා තිබෙනවා.

ඒ, අනුව පැමිණිලිකරු ඉල්ලා සිටි මුදල ලබාදීමට සහකාරියගේ පාර්ශ්වය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

පසුව සිවිල් නඩුවක් පවරා තරුණියගේ පාර්ශ්වයෙන් කේක්, කෙසෙල් සහ භාණ්ඩවලට වැය වූ මුදල් අයකර ගන්නා බවට පැමිණිලිකරු පවසා ඇති බවයි වාර්තා වුණේ.

    • ඇත්ත තමයි මේවාගේ අපතයො එක්ක ගියා නම් ජීවිත කලෙකම අඳුරේ තමයි .විවාහ ජීවිතය කියන්නේ මිනිහෙක් එක්ක යන එක නෙමෙයි. පවුල් ජීවිතය කියන්නේ සතුටින් inna එකයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42