සරුංගල් නූලකට ගෙළ සිඳී කුඩා දරුවෙක් අකාලයේ මිය ගිහින්

සරුංගල් නූලකට ගෙළ කැපී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත සිදුවීමක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

මධ්‍ය ප්‍රදේශ්හි ධාර් නගරයේ දී වයස අවුරුදු 07ක කුඩා දරුවෙක් ඊයේ (14) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම දරුවා සිය පියා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී සරුංගලයක් ගැට ගැසූ නූලක ඔහුගේ ගෙළ පැටලී ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුරෙන් දරුවාගේ ගෙළ දරුණු ලෙස කැපීමකට ලක්ව ඇති අතර, එහිදී දරුවාගේ පියා විසින් දරුවා වහාම අසළ පිහිටි පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර, එම රෝහලෙන් දරුවාව දිස්ත්‍රික් රෝහලක් වෙත මාරුකර යවා තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා එම රෝහල වෙත ඇතුළත් කරන විටත් අවාසනාවන්ත ලෙස මිය ගොස් සිටි බවයි වෛද්‍යවරු පවසන්නේ.

සරුංගලය ගැට ගසා තිබූ ‘මංජා’ නමින් හඳුන්වන චීන නූලකින් මෙලෙස දරුවාගේ ගෙළ කැපී ඇති අතර, මෙම නූල් වර්ගය තහනම් කිරීමේ ව්‍යාපාරයක් පසුගිය කාලය තුළ ධාර් ප්‍රදේශයේ ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් ඇතැම් පිරිස් මෙම නූල් වර්ගය භාවිත කරන අතර, එය ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව නගර පොලිස් අධිකාරී රවීන්ද්‍ර වස්කල් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40