සරසවි සිසුන් 4කට පන්ති තහනමක්

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් 4 දෙනෙකුට පන්ති තහනමක් පනවා තිබෙනවා.

දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධියකට අදාළව මෙම පන්ති තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිසුන්ට එම විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් තහනම් කර තිබෙනවා.

පසුගිය සතියේ පැවති උත්සවයකදී තුන්වන වසර සිසුන් විසින් දෙවන වසර සිසුන් පිරිසකට සිදු කළ පහරදීමකට අදාළ පරීක්ෂණවලින් අනතුරුව මෙලෙස අදාළ සිසුන්ට මෙම පන්ති තහනම පනවා ඇතැයි සඳහන්.

එහිදී අදාළ ගැටුමේදී සිසුවියක තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ අවසන් වන තෙක් සැකකාර සිසුන්ට මෙම පන්ති තහනම පනවා ඇති බවයි යාපනය විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ පීඨාධිපති මහාචාර්යා සි. රගුනාදන් නිවේදනය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00