spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරසවි සිසුන් 4කට පන්ති තහනමක්

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් 4 දෙනෙකුට පන්ති තහනමක් පනවා තිබෙනවා.

දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධියකට අදාළව මෙම පන්ති තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිසුන්ට එම විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් තහනම් කර තිබෙනවා.

පසුගිය සතියේ පැවති උත්සවයකදී තුන්වන වසර සිසුන් විසින් දෙවන වසර සිසුන් පිරිසකට සිදු කළ පහරදීමකට අදාළ පරීක්ෂණවලින් අනතුරුව මෙලෙස අදාළ සිසුන්ට මෙම පන්ති තහනම පනවා ඇතැයි සඳහන්.

එහිදී අදාළ ගැටුමේදී සිසුවියක තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ අවසන් වන තෙක් සැකකාර සිසුන්ට මෙම පන්ති තහනම පනවා ඇති බවයි යාපනය විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ පීඨාධිපති මහාචාර්යා සි. රගුනාදන් නිවේදනය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?