සරසවි සිසුන් මුහුණදුන් බස් රථ අනතුර සම්බන්ධ පෙත්සමේ කරුණු තහවුරු කිරීමට දින නියම වෙයි

බදුල්ල ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්ව සිසුන් තුන්දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණයට පත් ශිෂ්‍යයෙකුගේ පියෙකු විසින් ගොනුකළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එහිදී අදාල පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින අදාළ බස් රථයේ රියැදුරු වූ කළුතරගේ ප්‍රියන්ත කුමාර නැමැත්තාට මේ සම්බන්ධයෙන් සිය විරෝධතා ඇත්නම් ගොනු කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා.

රඹුක්කන ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් නුවන් වහලවත්ත මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම අද අර්ජුන ඔබේසේකර, ආචාර්ය සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.

එහිදී පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 11 වනදා කැදවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එදිනට පෙර විරෝධතා ඇත්නම් ගොනු කරන ලෙස වග උත්තරකාර රියැදුරාට නියෝග කෙරුණා

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ සිය පුත්‍රයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂණ උපාධිය හදාරන සිසුවෙකු බවත් ඉකුත් නොවැම්බර් මස කෙෂේත්‍ර චාරිකාවත් සඳහා බදුල්ල ප්‍රදේශයට තවත් සිසුන් පිරිසක් සමග ගමන් කළ බවයි.

එහිදී අඹගහ හන්දිය නමැති ප්‍රදේශයේදී ඇතිවූ රිය අනතුරින් සිය පුත්‍රයා ඇතුළු සිසුන් තුන් දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තවත් පිරිසක් තුවාල ලැබූ බවත් එම රිය අනතුර සිදුවූයේ වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් බවත් පෙත්සමිකරු චෝදනා කළා.

අනතුරට ලක්වූ බස්රථය නිෂ්පාදනය කරන ලද්දේ 1992 වසරේ වන අතර එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර තිබෙන්නේ 2020 වසරේ යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එහි තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු කර නොතිබූ බව විමර්ශන වලින් අනාවරණය වී තිබූ බවත් පෙත්සම්කරු කියා සිටියා.

අදාළ බස් රථයේ තිබූ තාක්ෂණික දෝෂ හේතුවෙන් රියැදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම මාරාන්තික අනතුරු සිදුවී ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇති බවත් පෙත්සම්කරු සඳහන් කළා.

ඒ අනුව වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් මෙම අනතුර සිදුවූ අතර ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙතසම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සජුනී සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනී සිටියා.

වගඋත්තරකාර බස් හිමිකරු වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න සමග නීතිඥ සංජය මාරඹේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39