සරසවි අනධ්‍යන සේවකයින් දින 75කට පසු අද යළිත් සේවයට

දින 75ක දීර්ඝ වර්ජන ක්‍රියාමාර්ගයකින් පසු විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද (16) දින යළි සේවයට වාර්තා කිරීමට නියමිතයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විෂභාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සිය වර්ජන ක්‍රියාමාර්ගය නවතා දැමීමට ඊයේ (15) තීරණය කළා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණු අතර, එය දින 75ක් පුරා ක්‍රියාත්මක වුණා.

මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි රජයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.