සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙක් ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවයි

කැලණිය විශ්වවිද්‍යාල සිසුන් 2009 වසරේ සංවිධාන කළ විරෝධතාවක දී පොලිසිය විසින් තමන්ට පහර දී අමානුෂික ලෙස සැලකූ බවට පැමිණිලි කරමින් එම විශ්වවිද්‍යාලයේ ඉනෝකා නදීෂානි සහ අනුජ සමන්ත යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් දෙදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් ඊයේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී එම පෙත්සමේ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගෙන් සමාව අයැද යම් වන්දියක් ගෙවා නඩුකරය සමථයට පත්කර ගැනීම යෝග්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නා.

පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් ක්‍රෑර වධ හිංසාවලට භාජනවීම වැළැක්වීමට පසුගිය කාලයේ අධිකරණය විසින් නිකුත් කර ඇති නියෝග ජාතික පොලිස් කොමිසමේ හෝ පොලිස්පතිවරයාගේ සැලකිල්ලට ලක්වී ඇති බව ද පෙනෙන්නට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා එහිදී සඳහන් කළා.

කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැති උද්ඝෝෂණයක දී අමානුෂික ලෙස සැලකීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (26) විභාගය සඳහා කැඳවූ අවස්ථාවේ දී විනිසුරු එස්. තුරෙයිරාජා මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා වූ එස්. තුරෙයිරාජා මහතා සඳහන් කළේ පොලිසිය විසින් සිදු කරන අමානුෂික පහරදීම් සහ සැලකීම් සම්බන්ධයෙන් අධිකරණය විසින් මීට පෙර නියෝග ගණනාවක් නිකුත් කර ඇති බවයි.

පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් වධ හිංසාවලට භාජන වීම වැළැක්වීම සඳහා විවිධාකාර නියෝග, අවවාද, මාර්ගෝපදේශ ඊට ඇතුළත් බව ද විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එහෙත් එම කරුණු ජාතික පොලිස් කොමිසමේ හෝ පොලිස්පතිවරයාගේ සැලකිල්ලට භාජන වී ඇති බව පෙනෙන්නට නැති අතර එම නියෝග සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කර නැති බව ද විනිසුරුවරයා පැවසුවා.

පෙත්සම සමථයකට පත් කිරීම පිළිබඳ වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ ස්ථාවරය විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිඥවරුන්ට දැනුම් දුන් අතර පෙත්සම ඔක්තෝබර් මස 11 වැනිදා කැඳවීමට නියම කෙරුණා.

එවකට පෑලියගොඩ ‍ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළ අජන්ත පුෂ්පකුමාර, කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂක චන්දන ගමගේ, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් බවට පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10