සරණාගතයින් ආපසු පැමිණිමෙන් ඇෆ්ගනිස්තානය බරපතළ අර්බුදයක

අසල්වැසි පකිස්ථානයෙන් සහ ඉරානයෙන් මිලියන සංඛ්‍යාත ඇෆ්ගනිස්ථානුවන් නැවත පැමිණීම ඇෆ්ගනිස්ථානය බරපතළ අර්බුදයකට තල්ලු කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය අනතුරු අඟවනවා.

එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ ආපසු පැමිණිම් පෙර නෙවූ විරූ මට්ටමකට පැමිණ ඇති බවයි.

2023 ඔක්තෝබර් මාසයේ සිට මිලියන 5.4 ක ජනතාවක් ඇෆ්ගනිස්ථානයට ආපසු පැමිණ ඇති අතර, ඒ, බොහෝ දුරට අසල්වැසි රටවල් දෙකෙන් බව UNHCR හි ඇෆ්ගනිස්ථාන නියෝජිත අරෆත් ජමාල් ඇෆ්ගනිස්ථාන අගනුවර වන කාබුල් සිට වීඩියෝ සබැඳියක් හරහා ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවා.

ලේඛන නොමැතිව සංක්‍රමණිකයන් නෙරපා හැරීම සඳහා පකිස්ථානය 2023 ඔක්තෝබර් මාසයේදී පුළුල් මර්දනයක් දියත් කළ අතර, අත්අඩංගුවට ගැනීම සහ බලහත්කාරයෙන් පිටුවහල් කිරීම වළක්වා ගැනීම සඳහා තමන්ගේම කැමැත්තෙන් රටින් පිටව යන ලෙස බල කෙරුණා.

ඉරානය ද ඒ සමඟම සංක්‍රමණිකයන්ට එරෙහිව මර්දනයක් ආරම්භ කළා.

එතැන් සිට, දශක ගණනාවකට පෙර පකිස්ථානයේ උපත ලබා එහි ජීවිත ගොඩනඟා ගෙන ව්‍යාපාර නිර්මාණය කළ පුද්ගලයින් ඇතුළුව මිලියන ගණනක් දේශසීමාව හරහා ඇෆ්ගනිස්ථානයට පැමිණ තිබෙනවා.

පසුගිය වසරේ පමණක් මිලියන 2.9 ක ජනතාවක් ඇෆ්ගනිස්ථානයට නැවත පැමිණි බව ජමාල් පැවසුවා.

ඔහු එය විස්තර කළේ “තනි රටකට අප දැක ඇති විශාලතම ආපසු පැමිණීම් සංඛ්‍යාව” ලෙසයි.

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලකයින් ද සමූහ වශයෙන් නෙරපා හැරීම් විවේචනය කර තිබෙනවා.

මේ වසර ආරම්භයේ සිට මාස එකහමාරක් ඇතුළත දැනටමත් 150,000 ක් පමණ ජනතාව ඇෆ්ගනිස්ථානයට ආපසු පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57