ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.
මේ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මෙම තීරණය ගෙන ඇති බව නිවේදනය කළා.
ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ද,ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ද,ලංකා සුදු ඩීසල් 35කින්ද,ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ද,භූමිතෙල් මිල රුපියල් 5කින් ද, ඉහළ දමනු ලැබුවා.
නව මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


ඇත්තටම පුදුම වේදනාවක් දැනෙන්නේ රට ගැන.හැබැයි මේකට වග කියන්න ඕනත් රටේ මිනිස්සුමයි.පහලම ඉන්න නූගතාගේ පටන් බුද්ධිමතා දක්වාම කලේ තමන්ගේ දරුවන්ගේ හා පවුලේ යහපත සඳහා හෘද සාක්ෂිය පිටින් ක්‍රියා කල එක.අද අපි ඒකෙ ප්‍රතිපලය තමයි මේ විදිහට භුක්ති විඳින්නේ.දේශපාලුවන්ට තමන්ගේ විරෝධය පෙන්වන්න තිබු තිබු ඡන්දය නැමැති බලවත් අවිය රටේ ජනතාව විසින් අවභාවිත කිරීම මීට ප්‍රධාන හේතුව නොවේද?