සමෘද්ධි ප්‍රතිලාභීන් රැකගන්න වැඩපිළිවෙලක් සකසන්න සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස්

විෂමාචාර සහ විවිධ දුෂණ අක්‍රමිකතාවල නිරත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදීම ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සහාවේ (COPA) දැඩි අප්‍රසාදය පළවී තිබෙනවා.

ඒ එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. මෙදින කාරක සභාව හමුවට ලෙස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණා.

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජිවනෝපාය සඳහා සමෘද්ධිලාභීන් වෙත මාළු දැල් ලබාදීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවයක් සඳහා වග කිවයුතු නිලධාරීන්ට එරෙහිව අනුගමනය කර ඇති විනයානුකුල ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේදී විමසනු ලැබුවා.

ඒ අනුව ඒ සඳහා අනුගමනය කර විනයානුකූල ක්‍රියාමාර්ග ගැන සිය අප්‍රසාදය පළකරමින් එම සිදුවීම සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙස ලෙසටයි කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය වෙත උපදස් ලබා දී ඇත්තේ. ඒ අනුව මින් ඉදිරියට එලෙස විෂමාචාර ක්‍රියාවන්හි නිරතවන නිලධාරීන්ට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු ක‍රන ලෙසට කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර සමෘද්ධි ප්‍රතිලාභීන් රැකගැනීමට වහාම වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙනු ලැබුවා. අස්වැසුම නොලබන සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර ඔවුන් සවිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරන ලෙසටයි කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේ. එහිදී දැනට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව භාරේ පවතින අරමුදල් හතේ පවතින මුදල් ප්‍රමාණයන්, එම අරමුදල් මගින් සිදුවන සේවාන් පිළිබඳ විස්තර ඇතුලත් වාර්තාවක් ද කාරක සභාවට යොමු කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා.

සමෘද්ධි බැංකු පද්ධතිය පරිගණක ගත කිරීමේ ප්‍රගතියද කාරක සභාව තුළදී විමසා බැලුණා. ඒ අනුව දැනට සමෘද්ධි බැංකු 1089ක් ජාල ගත කර අවසන් බවයි නිලධාරීන් දැනුම් දුන්නේ. කෙසේ වෙතත් තවමත් පුර්ණ ලෙස පරිගණක ගත කිරීම් ඔස්සේ සියලුම බැංකු, සේවා කටයුතු පත්වාගෙන නොයන බැවින් එක් එක් බැංකු සඳහා පද්ධති ගතවීම සඳහා දින වක වානු ලබා දී අවසානයේ සියලු බැංකු එක් පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන ආකාරයට රැගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව කාර්ය මණ්ඩලය සඳහා අනුමැතිය ලැබී ඇති බව ප්‍රකාශ කළ සභාපතිවරයා ඒ අනුව කාර්යමණ්ඩලය සම්බන්ධව දැනට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට අපේක්ෂිත කාර්යයන් පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසට ද උපදස් ලබා දුන් අතර එම නව සේවකයින් හැකි ඉක්මනින් බඳවා ගැනීමටද උපදෙස් ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14