spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමූපකාර පාලනයෙන් රජය ඉවත්වීමේ සූදානමක්

සමූපකාර ව්‍යාපාරයට රජයෙන් බලපෑම් වන්නේ නම් රජය එහි පාලනයෙන් ඉවත් වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කරනවා.

එහි පාලනයට ආණ්ඩු මැදිහත්වීමෙන් එම ව්‍යාපාරයට බලපෑමක් වන්නේ නම් රජය එහි සිටීම ඵලක් නොමැති බවයි වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ශක්තිමත් සංවිධාන ව්‍යුහයකින් ක්‍රියාත්මක වන සමූපකාර ව්‍යාපාරයේ හිමිකම් වෙන්කරන ආකාරය පිළිබඳව සාකච්ඡා සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අග්‍රාමාත්‍යවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තමන් මේ සම්බන්ධව ඉදිරියේ දී තීන්දුවක් ගන්නා බව ද ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?