“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” ව්‍යාපෘතියට අනුමැතිය

රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහා ව්‍යූහගත ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, “සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනු ලබනවා.

ඒ, අනුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?