සමාජ මාධ්‍යය ඔස්සේ තරුණියන්ට සිදුවන කරදරයක් ගැන හෙළිදරව්වක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ කාන්තාවන් සහ තරුණ තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ සිද්ධියක් සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන චාන්යා හේරත් මීට අදාළව තොරතුරු අනාවරණය කර ඇත. ඇය විසින් සඳහන් කර ඇත්තේ, තම නැගණියගේ ඡායාරූප මුදලට අලෙවි කරන සහෝදරයෙකු පිළිබඳවයි. එම ටෙලිග්‍රෑම් ගිණුමේ පුද්ගලයින්ට ඔහු විසින් අසභ්‍ය ඡායාරූප යොමු කර ඊ-කෑෂ් (e-Cash) ක්‍රමය ඔස්සේ මුදල් උපයා ගන්නා බව ඇය තම සමාජ මාධ්‍ය ගිණුමේ හෙළි කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී ඇති අතර, එම විෂය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වෙමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ, මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය වන ප්‍රීති ඉනෝකා රණසිංහ ප්‍රකාශ කර සිටියා.