සමාජ මාධ්‍යයේ ජනප්‍රිය තරුව ‘පපා ජේක්’ මිය යයි

සමාජ මාධ්‍යයේ ‘පපා ජේක්’ ලෙස ප්‍රසිද්ධව සිටින ජේක් ලාර්සන් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කර ආකාරයට ඔහු මියයන විය 102 වන වියේ පසු වුණා.

දෙවන ලෝක යුද්ධයේ හමුදා සමජිකයෙන් වන ජේක් ලාර්සන් 1944 දී උතුරු ප්‍රංශයේ වෙරළ තීරයේ නාසි හමුදාවන්ට පහර දුන් ඩී-ඩේ හි මිත්‍ර හමුදාවේ සේවය කළ අයෙක්.

ඔහුගේ මිනිබිරියවන මැකේලා ලාර්සන් පවසන්නේ ජේක් ලාර්සන් පසුගිය ජූලි 17 වනදා මියගිය බවත් අවසන් මොහොත දක්වාම ඔහු ඉතා සතුටින් සිටි බවයි.

සමාජ මාධ්‍යයේ ජනප්‍රිය තරුවක් වූ ජේක් ලාර්සන්, ‘පපා ජේක්’ ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේ, TikTokහි අනුගාමිකයින් මිලියන 1.2 කට වැසි සංඛාවක් ඔහු වටා රඳවා ගනිමින්.

දෙවන ලෝක යුද්ධයේ සහ ඔහුගේ මියගිය සගයන් සම්බන්ධ මතකයන් සමාජය සමඟ බෙදාගනිමින් ඔහු TikTok සමාජ මාධ්‍යයේ ජනප්‍රියව සිටියා.

දෙවන ලෝක යුද්ධයේදී බල්ජ් සටනේදී ඔහු එක්සත් ජනපද හමුදාවේ ද සේවය කර ඇති අතර, මිත්‍ර පාක්ෂිකයින් විසින් අල්ලා ගන්නා ලද ප්‍රංශය ආක්‍රමණය කිරීමට පෙර, ඔහු වයස අවුරුදු 19 දී උතුරු අයර්ලන්තයේ ලුර්ගන් හි හමුදා රාජකාරියේ නිරතව තිබෙනවා.

මේ අතර දෙවන ලෝක යුද්ධයේ විශේෂ මෙහෙයුමක් සිදුකළ “D-Day” නමින් හඳුන්වන දිනයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් බ්‍රිතාන්‍ය-ඉරාන මාධ්‍යවේදී ක්‍රිස්ටියන් අමන්පූර් විසින් ලාර්සන් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාව එමී සම්මානයක් ද දිනාගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54