සම්බාහන මධ්‍යස්ථානයක වැරදි වැඩක් කළ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

පෑළියගොඩ පොලිස් වසමේ බුළුගහ හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (22) දින රාත්‍රීයේ පෑළියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකරු හා ගණිකා සේවය සඳහා රැදී සිටි සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 31 වන පුද්ගලයෙක් වන අතර, සැකකාරියන් අවුරුදු 25 සහ 29 වයස්වල පසුවන හලාවත, පෙතියාගොඩ, මාවනැල්ල, කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

පෑළියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
5
+1
2
+1
7
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්