“සමහරු කිව්වා අපේ අම්මාට ස්වාමි පුරුෂයෙක් නැහැ කියලා…” යොහානි තම අතීතය හෙළිකරයි

මගේ අම්මයි තාත්තයි තමයි වැඩිපුරම මම ගැන සතුටු වෙන්නේ. ඒ කාලේ නම් ඒ අය කල්පනා කළා මම මොනවද කරන්නේ කියලා. දැන් නම් මගේ ගැන ඒ අය ආඩම්බරයි. ගෙදර කාමරයක් පවා ස්ටුඩියෝ කරගන්න ඉඩ දීලා තියෙන්නේ මට.

තාත්තාගේ ආදරේ කොහොමද යොහානිට දැනිලා තියෙන්නේ ?

රැව්වත් දෑසින් ගීතය කළේ මම තාත්තා වෙනුවෙන්. රණවිරුවෙක්ගේ දුවෙක් විදිහට මුහුණ දුන්න අත්දැකීම ගීතයේ තියෙන්නේ. යුද්ධය කාලේ තාත්තා අපේ රැස්වීම්වලට ආවේ නැහැ. ඇත්තටම එහෙම එන්න වුණේ නැහැ. අම්මා තමයි හැමදාම ආවේ. අම්මා හැමදේටම එන නිසා සමහරු කිව්වා අම්මාට ස්වාමි පුරුෂයෙක් නැහැ කියලා.

ඇයි මේ යොහානි කොල්ලෙක් වගේ කියලා කියන්නේ

අනේ ඔව්. මට එහෙම කියනවා. ඇඟ පිරිමි කෙනෙක් වගේ කියනවා. මේ මට හම්බවුණු දේ. ලෝකේ වෙන රටවල නම් මම එහෙම කියනවා අහලා නැහැ. අපේ අම්මයි තාත්තයි නම් ඒවා ගණන් ගන්න එපා කියනවා. සමහරු එහෙම කමෙන්ට් දානවා. සමහර වෙලාවට දුකකුත් ඇතිවෙලා තියෙනවා.

ගෑනු ළමයෙක් රැප් කියන එක වරදක්ද?

මම මුලින්ම රැප් එකක් කිව්වම මට චෝදනා ආවා. සංස්කෘතිය විනාශ වෙන එකක් කිව්වා. මට ලොකු පීඩනයක් ආවා. එත් මම ඒවාට සමාජ මාධ්‍ය වලින් ප්‍රතිචාර දෙන්න ගියේ නැහැ.

යොහානි ඡායාරූප ශිල්පිනියක් කියලා හුඟක් අය දන්නේ නැහැ

අවුරුදු 03ක් වගේ පාර්ට්ටයිම් ඡායාරූප ශිල්පිනියක් විදිහට වැඩ කළා. මම ගොඩක් ආස කළා ඒ වෘත්තියට. ඒ නිසා මම ගොඩක් ආස කරපු දේවල් තමයි වෙඩින්, ෆොටෝ ෂූට් එහෙම. කොහොමත් මම ඒ දවස්වල ගිටාර් එක ගහ ගහ නිකන් සින්දු කිය කිය හිටියේ. ඔහොම ඉන්නකොට තමයි අපේ ටීම් එකෙන් කිව්වේ කැමරා තියෙන නිසා මියුසික් වීඩියෝ කරමු කියලා. අපි ගියා පිළියන්දල ස්ටුඩියෝ එකකට. මුලින්ම කළේ ඉංග්‍රීසි සින්දුවකට කවර් එකක්.

PUB වල කොච්චර කාලයක් සින්දු කිව්වද?

මාස 08ක් වගේ එක දිගටම සින්දු කිව්වා. දවසට රුපියල් 5000ක් වගේ ලැබුණා. ඒ සල්ලි වලින් තමයි ගිටාර් එකක් ගත්තේ.

සංගීතය ඉගෙන ගත්තේ කොහෙන්ද?

ලහිරුගේ මියුසික් අවන් එකේ ඉගෙන ගත්තා. වොයිස් ට්‍රේනින්ග් ගියා 04 දෙනෙක් ළඟට. උමාරා ළඟටත් ගියා. මොකද මම ලංකාවට එනකොට මුකුත් දැනගෙන හිටියේ නැහැ. මම හැමදාම ඉගෙන ගන්නවා. මුලින් නම් හුඟක් අය බැන්නා මට, දැනුත් බණිනවා අනුන්ගේ සින්දු කියනවා කියලා.

යොහානිට ඉන්නේ නංගි කෙනෙක්, එයත් සංගීත ක්ෂේත්‍රයට එයි ද?

මගේ නංගිට මට වඩා හොඳින් පියානෝ වාදනය කරන්න පුළුවන්. ඒත් එයා කුඩා කාලේ ඉඳන් ආස කළේ වෛද්‍යවරියක් වෙලා මිනිසුන්ට සේවය කරන්න. මේ වෙද්දී නංගි ඉන්නේ රුසියාවේ විශ්වවිද්‍යාලයක අවසන් වසරේ. මම කිව්වා එයාට මා එක්ක සින්දුවක් කරමු කියලා. ඒත් කිසි වුවමනාවක් නැහැ.

වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඇය ඉතා උනන්දුයි. ඒ නිසා දවසක දක්ෂ වෛද්‍යවරියක් වෙනවා කියලා නම් මට විශ්වාසයි.

මේ දුර එන්න අවුරුදු කීයක් ගියාද?

මම YouTube නාළිකාව ආරම්භ කළේ 2016. දැන් අවුරුදු 5ක් විතර වෙනවා.

අද යොහානි ගැන හැමෝම කතා වෙනවා, හැබැයි මේ ගමන එන්න පහසු වුණාද?

බාධක සහ පසුබෑම් ගොඩක් තිබුණා. ඒක හැම දෙනෙක්ටම තියෙන දෙයක්. මම දකින විදිහට මගේ වටේ සහ පිටිපස්සේ ඉන්න පිරිස නිසා මේ හැම දෙයක්ම ජයගන්න ශක්තියක් ලැබුණා.

මේ දුර එද්දී මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් ඇති….

අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. ඒ අතරේ රජීව් සෙබස්තියන් මහත්මයා හමුවීම මට විශේෂයි. ඔහු මට ඔහුගේ වියදමින් තනුවක් නිර්මාණය කර, ඔහුම ගේය පද ලියා “හාල් මැස්සා” (වියෝලේ වියෝලේ) ගීතය නිර්මාණය කර දුන්නා. අදටත් මම ෂෝ එකක අන්තිමට කියන්නේ ඒ ගීතය. ඔහු මාව දැක්කේ සංගීත යෝධයන් අතරේ හාල් මැස්සෙක් විදිහට. ඒ හාල්මැස්සට මුලින්ම අත දුන්න යෝධයා ඔහුයි. ඒ නිසා ඔහුට මම සදා ණයගැති වෙනවා.

දැන් ඔබ තනි කෙනෙක් නෙමෙයි. ඔබේ මාර්කටින් පැත්ත වෙන කණ්ඩායමක් බලනවා.

ඔව් ලංකාවේ තාම ඒ පැත්ත හැදිලා නැහැ. එත් මම හිතන්නේ එහෙම ඉන්න එක හොඳයි. කලාකරුවාට බැහැ මාර්කටින් පැත්ත බලන්න. අපිට බලන්න පුළුවන් ආර්ට් පැත්ත විතරයි. එහෙම මැනේජ්මන්ට් ටීම් එකක් තියෙන එක හොඳයි.

යොහානි ආදරය දකින්නේ කොහොමද?

මේක මම හිතන්නේ ටිකක් දාර්ශනික දෙයක්. මේ ගැන මම හිතන විදිහ පරිණත නොවෙන්න පුළුවන්. සරලව, මම දකින විදිහට ආදරය අත්‍යවශ්‍ය දෙයක්. අපේ ජීවිත ගොඩ නැ⁣ඟෙන්නේ ආදරය පදනම් කරගෙන. ඒ කියන්නේ දෙන්නෙක් අතර පෙම්වතුන් හැටියට තියෙන එක විතරක් නෙමෙයි. අපි කරන වෘත්තීය, වැඩ කරන පිරිස, මේ හැම දෙයකට ම ආදරය අත්‍යවශ්‍ය දෙයක්.

මොනවද බලාපොරොත්තු

මේ වෙද්දී පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායම සහ තීව්‍ර Theewra කණ්ඩායම මේ සඳහා අවශ්‍ය සියලු ජාත්‍යන්තර කටයුතු කරගෙන යනවා. මගේම ගීත ඇතුළත් ඇල්බම් එක එළියට දාන්න ඕන. එහි අලුත් සින්දු 12 ක් තියෙනවා. මේ කාලේ ටිකක් අමාරුයි වැඩ ඉවර කරගන්න රටේ තත්ත්වය එක්ක. ඇල්බම් එකේ මුල් සින්දු 06 කරන්න අවුරුද්දක් ගියා. අනික් 06 කරන්න නම් ගියේ මාසයයි. ඊට අමතර වෙන විශේෂ දේවල් නැහැ. හැමදාම උදේ නැගිට්ටට පස්සේ සතුටින් ඒ දවස ගත කරන්න පුළුවන් නම්, ආස දේවල් ඒ උදා වුණු දවසේ කරන්න පුළුවන් නම් එච්චරයි.

ඇගේ පෙර පුවත්

“මැණිකේ මගේ හිතේ” ඉන්දියාවේ කුමන්ත්‍රණයක් – ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

තාත්තා එක්ක තියෙන වෛරය යොහානිගෙන් පිරිමහන්න කොටි සැරසේ

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් යොහානිගේ හයිද්‍රාබාද් ෂෝ එකේ වීඩියෝව එළියට එයි

යොහානිට රජයෙන් සම්මානයක් දෙන්න යයි

රානු මොන්ඩාල් මතකයි නේද? “මැණිකේ” සිංදුව රානුගේ හඬින් ගැයුනු හැටි

ලෝකයක් කතා කරන ජනප්‍රිය ගායන ශිල්පිනි, යොහානිට හදිසි අනතුරක්

ඉන්දියාව කැලඹු මැණිකේ හොයාගෙන සුරූපී ජැකලින් එයි

හිරුගොසිප්

  1. අම්මට වෙදගත් හරි ස්වාමි පුරුෂයෙක් නොසිටීම නිසාම මෙවන් හෙගෙනියක් බිහිවීම පුදුමයක් නොවේ , සමහර අම්මලා ගෙදර නමට ස්වාමි පුරුෂයන් තියන් එලියෙ තම කාරිය කර ගන්නෙ සවාමියට එම කටයුත්ත හරියට කරන්න බෙරි නිසා, යොහානිත් බිහි උනෙ එසෙ වෙන්න වන්න ඔනෙ

    • ඉස්සෙල්ලා හරියට ටයිප් කරන්ඩ ඉගෙන ගනිං ගොනෝ, වෙදගත් නෙවෙයි, වැදගත්. හෙගෙනිය කියන්නෙ තොගෙ අම්මද? ගැහැනිය කියලා කොටපිය. සවාමියා, බෙරි නිසා, තොගෙ බැරිකම ට අනුන්ට ගරහන්ඩ එපා ලොන්ත පුලන්නො.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු රන්ගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59