spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමනල වැව අවදානම් බවට පැතිර යන පුවත අසත්‍යයක් !

සමනල වැව සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවට කල්තොට ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා.

ප්‍රාදේශීය ලේකම් නිලන්ති වීරසූරිය සඳහන් කළේ; ”සමනල වැව අවදානම් – කල්තොට ප්‍රදේශයේ ජනතාව කල්පනාවෙන් සිටින” ලෙස පැතිර යන පුවත සාවද්‍ය බවයි.

මෙවැනි දූසමාන ආරංචි සමාජගත වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් බියට පත් ව ඇති බවට ද කල්තොට ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළා.

තමන් මෙම පුවත සම්බන්ධයෙන් සමනල වැව භාර වාරි ඉංජිනේරුවරුන්ගෙන් ද විමසීමක් සිදු කළ සිටි බවයි ඇය සඳහන් කළේ.

එම ඉංජිනේරුවරුන් සමග ජලාශය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පවත්වා අනතුරුව ගම්වාසීන් මෙන් ම සියලු ම ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළෙහි වගකීම් සහිත පිරිස් දැනුවත් කිරීමට ද පියවර ගත් බව ද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවා.

යම් කිසි අයුරකින් සමනල වැව අනාරක්ෂිත වූවා නම්; ඒ පිළිබඳ ව දැනුම්වත් කරන්නේ නිසි වැඩපිළිවෙළක් සමගින් බව ද ඇය කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?