සමථ වීමකට සැරසෙන ත්‍රි’මලය සම්බුද්ධ ජයන්ති විහාරයේ පෙත්සම

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සමථයකට පත් කර ගැනීමට හැකියාව තිබෙන බව අද (16) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම ඊයේ (16) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය සමථයට පත්කර ගැනීමට හැකියාව තිබෙන බව දැනුම් දුන්නා.

සිය විහාරස්ථානයට සම්බන්ධ කොටසක් කඩා ඉවත් කිරීම සඳහා වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නියෝග ඉවත් කර ගැනීමට වග උත්තරකරුවන් එකඟතාවය පළ කර ඇතැයි කී ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අදාල ස්ථානයේ අනුමත සීමාවට අනූකූළව කටයුතු කිරීමට පෙත්සම්කාර එකඟතාවය පළ කර තිබෙන බවත් පැවසුවා.

එම තත්ත්වය යටතේ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙම කරුණ වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතාද අනුමත කරමින් කරුණු දක්වා සිටියා.

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම පෙතිසම පෙබරවාරි මස 20 වැනි දා කැඳවන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කරනු ලැබුවා.

එදින මෙම නඩුකරය සමථයට පත්කර ගැනීම සඳහා ගෙන තිබෙන පියවර වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශව කරුවන්ට දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07