සමගි ජනබලවේගයේ මැයි පෙළපාලිය ගමන් අරඹයි

සමගි ජනබලවේගයේ මැයි පෙළපාලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණයෙන් ගමන් ආරම්භ කළ මෙම පෙළපාලිය ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණය දක්වා ගමන්කිරීමට නියමිතයි.

ඉන් අනතුරුවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ මැයි දින රැළිය ආරම්භ වන්නේ.

‘වැඩකරන ජනතාවගේ අරගලය’ යන්න මෙවර සමගි ජනබලවේගයේ මෙවර මැයි රැළයේ තේමාව වී තිබෙනවා.