සබ්ස්ක්‍රයිබස්ලා වැඩි කරගන්න දුම්රිය මගියාගේ කන පැලූ යූටියුබර්ට වැඩ වරදියි (වීඩියෝ)

දුම්රියක ගමන් කළ මගියෙකුට පහර දී එම ක්‍රියාව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළ පුද්ගලයෙකුට දඬුවම් කිරීමට කටයුතු කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බිහාර් ප්‍රාන්තයේ නාරායන් දුම්රිය ස්ථානයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, දුම්රිය වේදිකාවේ සිටගෙන සිටින තරුණයෙක් ගමන් කරන දුම්රියේ සිටි පුද්ගලයෙකුගේ කනට පහර දී තිබෙනවා.

මේ සියල්ල අතරතුර, ඔහුගේ මිතුරා සමාජ මාධ්‍යවල පළ කිරීම සඳහා එම ක්‍රියාව පටිගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සමාජ මාධ්‍යට එක්කර එය ප්‍රචලිතවීමත් සමඟ සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙම අශිෂ්ඨ ක්‍රියාව සිදුකළ රිටේෂ් කුමාර් නැමැත්තාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි පවසා ඇත්තේ.

ඉන්දීය දුම්රිය ආරක්ෂක බලකායට මෙම සිද්ධිය පිළිබඳව සැලවීමත් සමඟ ක්‍රියාත්මක වී, රිටේෂ් කුමාර්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ යූ ටියුබ්කරුවෙක් වන තමන් සිය පරිශීලකයින් සංඛ්‍යාව වැඩිකර ගැනීම වෙනුවෙන් මෙම ක්‍රියාව සිදුකළ බවයි.

පසුව ඔහුට සමාව අයැදීමට නිලධාරීන් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ඔහු සමාව අයැදීමට කටයුතු කර ඇති අතර, “මේක මගේ වැරැද්ද, මම එය නැවත නොකරමි. කරුණාකර මට සමාව දෙන්න” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

මේ අතර වරද සිදුකළ රිටේෂ් කුමාර් සමාව අයදින ආකාරය දුම්රිය බලධාරීන් විසින් එය වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දුම්රියක ගමන් කළ පුද්ගලයෙකුගේ කනට පහර දී එම සිදුවීම සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීමට රිටේෂ් කුමාර් නැමති පුද්ගලයා කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36