සබරගමුව ආණ්ඩුකාරවරයා තම වැටුප පළාතේ දරුවන් වෙනුවෙන් වෙන් කරයි

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු නවීන් දිසානායක මහතා සිය මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යෙදවීමට තීරණය කර තිබෙනවා.

සිය ධුරයේ රාජකාරී ආරම්භ කරමින් පළමු කාර්ය ලෙස සිය වැටුප එම පළාතේ දිළිඳු පවුල්වල දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන බවයි ඔහු සඳහන් කළේ.

වැටුප පරිත්‍යාග කිරීමට අදාළ ලිපිය පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත ආණ්ඩුකාරවරයා විසින් ලබාදුන් අතර තම මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බවයි එම ලිපිය මගින් දැනුම් දී ඇත්තේ.

ආණ්ඩුකාර තනතුර දරන කාලය තුළ ලැබිය යුතු වැටුප ඒ වෙනුවෙන් පිහිටුවන අරමුදලට බැර කරන බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයාට භාරදුන් ලිපියේ සඳහන්.

නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා රත්නපුර ඓතිහාසික සුමන සමන් දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව නිලධාරීන් හා සේවකයින් ඇමතු ආණ්ඩුකාරවරයා කියා සිටියේ සබරගමුව පළාතේ අධ්‍යාපන, මාර්ග, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක දියුණුව වෙනුවෙන් පියවර ගන්නා බවයි.

352184867 812632626900637 4593636877930853667 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14