සපුගස්කන්ද දින 20කට වැසේ

සපුගස්කන්ද පිරිපහදුව දින 20ක කාල සීමාවකට නිෂ්පාදන කටයුතුවලින් බැහැර කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්පේරකවල සක්‍රියතාව යළි යථා තත්ත්වයට පත්කර ගැනීම මෙහි අරමුණයි.

ඒ අනුව ලබන 18 වනදා සිට ඔක්තෝම්බර් 8 වනදා දක්වා පිරිපහදු නිෂ්පාදන කටයුතුවලින් බැහැර කිරීමට සිදුවන බව එම සංස්ථාව දැනුම් දෙනවා.

අත්‍යවශ්‍ය තාක්ෂණික කටයුතුවලින් අනතුරුව සැලසුම්කළ පරිදී ලබන මස 8 වනදා සිට නැවත පිරිපහදුව නිෂ්පාදන කටයුතු පූර්ණ ධාරිතාවයෙන් හා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය බොරතෙල් මේ වන විටත් ඇනවුම් කර තිබෙනවා.

එමෙන්ම ඩීසල් හා භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන තොග සංචිත කිසිදු අඩුවකින් තොරව පවතින බවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48