සන්ෂයින් සුද්දා එළොව යවන කොන්ත්‍රාත්තුවට ලක්ෂ 75 යි

‘හරක්කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලබාදුන් රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තු මුදලකට සන්ෂයින් සුද්දා වෙඩි තබා ඝාතනය කළ ‘ටින්කර් ලසන්ත’ නමැති පාතාල අපරාධකරු කළුතර දියගම දී පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් පෙරේදා (25 වැනිදා) රාත‍්‍රියේ මිය ගියේය.

මෙම පාතාල අපරාධකරු සහ පොලිස් නිලධාරීන් අතර දියගමදී වෙඩි හුවමාරුවක් ද සිදු වී ඇති අතර එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

සන්ෂයින් සුද්දා ඝාතනය ඇතුළු මිනීමැරුම් 3කට සහ තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ ‘ටින්කර් ලසන්ත’ නමැත්තා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොරොන්තුඩුව පනාපිටිය ප‍්‍රදේශයේදී පෙරේදා සවස අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙරට පාතාලයේ ‘ගෝර්ඞ් ෆාදර්’ ලෙස හැඳින්වූ ‘මාකඳුරේ මධුෂ්’ගේ සහ ‘හරක්කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතම ගෝලයකු බව කියන හේවාලූණුමිලගේ ලසන්ත හෙවත් ‘ටින්කර් ලසන්ත’ නමැත්තා 42 හැවිරිදි විවාහකයෙකි.

‘සන්ෂයින් සුද්දා’ ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය කළුතර දියගම ප‍්‍රදේශයේ සඟවා තිබෙන බවට හෙළිකළ තොරතුරක් මත ‘ටින්කර් ලසන්ත’ නමැත්තා එම ප‍්‍රදේශයට රැුගෙන යෑමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

ඒ අනුව පෙරේදා මධ්‍යම රාත‍්‍රියේ කළුතර දියගම ප‍්‍රදේශයේ ගුවන් පාලම ආසන්නයේ කැලෑ ප‍්‍රදේශයක් වෙත සැකකරු රැගෙන යද්දී සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් රැගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

එහිදී පොලිස් නිලධාරීන් එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් පාතාල මැරයා බරපතළ තුවාල ලබා තිබිණි.

ටින්කර් ලසන්ත එල්ල කළ ප‍්‍රහාරවලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද එහිදී තුවාල ලැබූහ.

පසුව පොලිසිය විසින් ටින්කර් ලසන්ත සහ තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇත.

එහිදී ටින්කර් ලසන්ත මියගොස් ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහලට ඇතුළත්කර තිබේ.

මෙම පාතාල අපරාධකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට යොදාගත් මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලය, ජීව උණ්ඩ 5 ක්, හිස් පතරොම් කොපු දෙකක් සහ ජීව අත්බෝම්බයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදී රුපියල් කෝටි 40ක් පමණ වටිනා හෙරොයින් තොගයක් මීට ඉහතදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හරක්කටාට අයත් මෙම හෙරොයින් තොගය පොලිසියට අල්ලා දීමට ඔත්තු ලබාදුන්නේ සන්ෂයින් සුද්දා විසින් බවට කටකතාවක් පැතිර ගොස් තිබිණි.

මෙම සිද්ධිය මුල් කරගෙන ඇති වූ ආරවුලක් මත සන්ෂයින් සුද්දා ඝාතනයට රුපියල් හැත්තෑපන්ලක්‍ෂයක කොන්ත‍්‍රාත් මුදලක් ටින්කර් ලසන්තට ලබාදීමට හරක්කටා කටයුතුකර ඇත.

මෙම කොන්ත‍්‍රාත් මුදලින් රුපියල් ලක්‍ෂ 50 ක් මුලින් ලබා දී ඇති අතර ඉතිරි මුදල ඝාතනයෙන් පසු ලබාදීමට කටයුතුකර තිබූ බව ලසන්ත මිය යෑමට පෙර ප‍්‍රකාශකර ඇත.

මිනිස් ඝාතනවලට අමතරව මහා පරිමාණ හෙරොයින් ජාවාරම්, ගිනිඅවි පෙන්වා මරණ තර්ජනකර කොල්ලකෑම් 11ක් සිදුකිරීම සම්බන්ධයෙන් ද ටින්කර් ලසන්තට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43