සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවන්ට නිදහස

හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 69 දෙනෙකු නිදහස් කිරීමට හලාවත දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා තීරණය කළා.

මෙලෙස මුදා හරින ලද සැකකරුවන් අතර ආරච්චිකට්ටුව සහ හලාවත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද වනවා.

ඔවුන් සමගි ජන බලවේගය සහ ජාතික ජනබල වේගය පක්ෂ නියෝජනය කළ පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

2022වසරේ මැයි මස 09වැනිදා කිසියම් පිරිසක් විසින් ආරච්චිකට්ටුවේ පිහිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරාගේ නිවසට සහ කාර්යාලට ගිනි තබා විනාශ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදුකළ ආරච්චිකට්ටුව පොලීසිය සැකකරුවන් 69 දෙනෙකුට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

තම නිවස ගිනි තැබීමේ සිද්ධියට අදාල ආරක්ෂිත කැමරා දර්ශණ ලබා දීමට හැකියාව තිබෙන බව හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතා පොලීසියට පැවසූ නමුත් තමන් 05 වතාවක් හිටපු අමාත්‍යවරයා හමුවී එම දර්ශණ ඉල්ලා සිටියත් ඒවා නොලැබුණු බවයි පොලීසිය අධිකරණය හමුවේ සදහන් කළේ.

නඩු විභාගය පැවැත්වෙන අතරතුර ආරච්චිකට්ටුව පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියේ විමර්ශණ කටයුතු හලාවත පොලීසිය වෙත බාර කර ඇති බවයි.

නමුත් හලාවත පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ එම විමර්ශණ කටයුතු තමන්ට බාර දී නොමැති බවයි.

මෙම තත්ත්වය අනුව තව දුරටත් නඩුව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙනී යන හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 186 වන වගන්තියට අනුව සියළුම සැකකරුවන් මුදා හැරීමට දිසා විනිසුරුවරයා නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51