සද්දන්තයාට බිලි වූ මහලු කත

වනඅලි පහරදීමකින් වයෝවෘද්ධ කාන්තාවක් එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වනවා.

මෙම ඛේදවාචකය වාර්තා වන්නේ එප්පාවල – කටියාව යාය 10 ප්‍රදේශයෙන්.

අද (12) අලුයම මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවත්; 84 හැවිරිදි වියෙහි පසුවූ කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැවසෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කටියාව, යාය 10, ප්‍රියංකරගම ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ කරුණාවති නමැති කාන්තාවක්.

අලුයම් කාලයේ දී මරණකාරිය කිසියම් අවශ්‍යතාවකට නිවසින් එළියට බැස ගෙමිදුලට පැමිණි අවස්ථාවේ දී වන අලියා පහර දී ඇති බවයි පැවසෙන්නේ.

අලියාගේ පහරදීමෙන් ඇයගේ ශරීරයට බරපතළ හානි සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියංකරගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32