සතොස තවත් භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

මෙම සහනය හෙට (26) සිට දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි ඔවුන් නිවේදනය කළේ.

මේ අනුව වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1700ක් වනවා.

දේශීය සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර ඒ අනුව සතොස මගින් සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 169කට මිලදී ගත හැකියි.

රුපියල් 8කින් රතු කැකුළු සහල් මිල අඩුකිරීමට සතොස පියවර ගෙන ඇති අතර එහි මිල රුපියල් 179ක් වනවා.

දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 184ක්.

රතු පරිප්පු කිලෝවක මිල රුපියල්ය 5කින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 365ක්.

රුපියල් 237ක්ව පැවති කීරි සම්බා කිලෝවක් රුපියල් 4කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 233ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40