සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගතව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතින පසුබිමක, මෙරට ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල පහත හෙළීමට තීරණය කර තිබෙනවා.

ආනයනික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම සැලකිල්ලට ගෙන ජනතාවාදී රජයක් ලෙස ජනතාවට සහන සැලසීම සඳහා රජය සතු රාජ්‍ය යාන්ත්‍රණය උපරිම අයුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් තිබෙන බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.

ඒ අනුව, හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය මඟින් අලෙවි කරනු ලබන භාණ්ඩ 18ක මිල, පිටකොටුවේ තොග මිලටත් වඩා අඩු මිල ගණන්‍ යටතේ පහත හෙළීමට අවශ්‍ය තීන්දු තීරණ ගෙන ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ලොකු ලූණු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් මෙලෙස අඩු කිරීමට කටයුතු කර තිබනවා.

9
  1. මොන සතොසෙද ඔය බඩු ගන්න පුළුවන් ?
    සාමාන්‍යයෙන් අපි දන්න සතොසෙ නම් ගන්න ගියාම බඩු නෑ.. එක්කෝ ඔක්කොම කළු කඩ කාරයො මිලදී ගෙන, එහෙම නැත්නම් ඇතුලෙ කට්ටිය තම හිතවතුන්ට දෙන්න හංගගෙන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56