සතියක් ගතවීමට පෙර එකම පාසලක අවාසනාවන්ත ඉරණම් දෙකක්

සතියක් ගත වීමටත් පෙර එකම පාසලක තවත් දරුවෙකු සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ බලන්ගොඩ – වැලිගෙපොළ ප්‍රදේශයේ ඇති ප්‍රධාන විද්‍යාලයක යි.

එම පාසලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක් ඊයෙ රාත්‍රියේ දී සිය නිවසේ දී ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වැලිගෙපොළ ප්‍රදේශයේ පදිංචි ව සිටි එරන්දි දිල්හාර සංදීපනී නමැති 10 වැනි ශ්‍රෙණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක‍යි මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ.

එම පාසලේ ම ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි මීගස්වත්තේ නිශාන් ප්‍රියදර්ශන නැමති සිසුවා ද ඉකුත් 10 වැනිදා ගෙල වැළලාගෙන මියගොස් තිබුණි.

සතියක් ඇතුළත එකම පාසලේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකු මෙලෙස සියදිවි හානිකර ගැනීම අවාසනාවන්ත සිදුවීමක් බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ බලංගොඩ මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිත යි.