සටන් විරාමය දීර්ඝ කිරීමේ හැකියාව ගැන ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය විශේෂ සාකච්ඡාවක

හමාස් සංවිධානය සමඟ තාවකාලික සටන් විරාමය දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන ආකාරයට මෙම සාකච්ඡාව ඊයේ රාත්‍රියේ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හමාස් සංවිධානය විසින් තවත් ඊශ්‍රායල ජාතිකයින් 13 දෙනෙකු සහ සිව්හැවිරිදි ඇමරිකානු දැරියක් ඇතුළු විදේශීය ජාතිකයින් සිව්දෙනෙකු නිදහස් කිරීමෙන් පසු, පලස්තීන සිරකරුවන් 39 දෙනෙකුගෙන් යුත් තුන්වන කණ්ඩායම ද නිදහස් කළ බවයි ඊශ්‍රායල බලධාරීන් සඳහන් කළේ.

ගසා තීරයේ බටහිර ඉවුරේ යුදමය තත්ත්වය තවමත් සක්‍රීයව පවතින අවස්ථාවක පවා සිරකරුවන්ට නිදහස හිමිවීමේ සතුට සැමරීමේ උත්සව පලස්තීනුවන් විසින් පවත්වන බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර තාවකාලික සටන් විරාමය අතර තුර ඊශ්‍රායලය විසින් කොන්දේසි උල්ලංඝනය කළ බවට ද හමාස් සංවිධානය චොදනා එල්ල කර සිටියා.

කෙසේ වෙතත් ප්‍රාණ ඇපකරුවන් නිදහස්කර ගැනීම වෙනුවෙන් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය කටාර් හී සත්කාරකත්වය ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය සමඟ දැනට පවතින දින 04ක සටන් විරාමය දීර්ඝ කර නිදහස් කරන ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව වැඩිකිරීමට උත්සාහ කරන බවයි.

ගසා තීරයේ මේ වනවිට දැඩි ලෙස හිඟයක්ක්ව පවතින ඉන්ධන, ආහාර සහ ඖෂධ ලබාගැනීම සඳහා ගසා වැසියන් සටන් විරාමය භාවිත කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25