සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ ගිවිසුමකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දින හතරක සටන් විරාමයකින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන බවටයි ඊශ්‍රායල අගමැති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මෙම ගනුදෙනුව යටතේ, සෑම අමතර ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකුම නිදහස් කිරීම, සටනේ විරාමය එක් දිනකින් දීර්ඝ කරනු ඇති.

බදාදා අලුයම දක්වා පැවති දීර්ඝ රැස්වීමකින් පසුවයි මෙම ගනුදෙනුව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ.

රැස්වීමට පෙර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කර ගත්තද යුද ප්‍රයත්නය දිගටම පවතිනු ඇති බවයි.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ, හමාස් සටන්කාමීන් 1200ක් මරා දමා තවත් 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඔක්තෝම්බර් 7 වැනිදා දේශසීමා තරණය කිරීමෙන් පසුවයි.

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාර හමුවේ ළමුන් 5,000 කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

ඊශ්‍රායලයේ සිරකර සිටින පලස්තීනුවන් 150ක් වෙනුවට ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 50ක් නිදහස් කිරීමට සහ වටලනු ලැබූ ප්‍රදේශයට මානුෂීය ආධාර ඇතුළු කිරීමට ඉඩ දීම සඳහා ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය මෙම සටන් විරාමයකට එකඟ වූ බව සඳහන්.

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 200කට වඩා රඳවාගෙන සිටින බවටයි සැක කෙරෙන්නේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දින හතරක් තුළ කාන්තාවන් සහ ළමුන් 50 දෙනෙකු නිදහස් කිරීමට නියමිත අතර එම කාලය තුළ සටන්වල විරාමයක් පවතිනු ඇති බවයි.

ඊශ්‍රායල සිරගෙවල්වල සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනා නිදහස් කරන බව හමාස් ප්‍රකාශ කළා. සටන් විරාම ගිවිසුම මගින් මානුෂීය, වෛද්‍ය සහ ඉන්ධන ආධාර සහිත ට්‍රක් රථ සිය ගණනකට ගාසා තීරයට ඇතුළු වීමට ඉඩ සැලසෙන බව ද හමාස් සංවිධානය සඳහන් කර තිබෙනවා.

සටන් විරාම කාලය තුළ ගාසා තීරයේ සෑම ප්‍රදේශයකම කිසිවකුට ප්‍රහාර එල්ල නොකිරීමට හෝ අත්අඩංගුවට නොගැනීමට ඊශ්‍රායලය ප්‍රතිඥා දී ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

ඊශ්‍රායල බෝම්බ හෙලීමෙන් හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරය සමතලා කර, කුඩා ජනාකීර්ණ ප්‍රදේශයක සිවිල් වැසියන් 13,300ක් මරා දැමූ සහ එහි මිලියන 2.3 ක ජනතාවගෙන් තුනෙන් දෙකක් පමණ නිවාස අහිමි වූ යුද්ධයක පළමු ගිවිසුම මෙම ගිවිසුමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:25
Video thumbnail
මහින්දට කැළණියේදී හමුවූ පොඩිත්තා
01:27
Video thumbnail
නලින්ද ඉදිරියේ හඬා වැටුණු ඥාතීන්
01:29
Video thumbnail
යාලුවව බලලා තනියම බැන බැන යන හිටපු ඇමති නිමල් සිරිපාල
00:24
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන නැවතෙයි
00:27
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන
00:29
Video thumbnail
මහින්ද රාජපක්ෂ වැටුණ වැටිල්ල නොවැටී ඉදිරියට යන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ
02:50
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන - බ්‍රේක් ගැහුවේ නැත්තම් ගන්න දෙයක් නෑ
00:43
Video thumbnail
22ක තුළ අතීතය කෙසේ වෙතත් කළු වර්තමානයක් නිර්මාණය වෙලා තියෙන්නේ
01:02
Video thumbnail
මුළු රටේම බලය පැලවත්තට යට කරන්න මේ ආණ්ඩුව හදන්නේ - සජිත් ආණ්ඩුවට සැරටම කිව්ව දේ
00:56