සජබ හේෂා, මහින්දව බලන්න කාල්ටන් ගිහින්

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පසුගිය දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැලීමට තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට ගොස් තිබෙනවා.

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි ද එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

හිටපු ජනාධිපතිවරයා හමු වූ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ඔහුගේ සුවදුක් විමසමින් සුහද කතා බහක නිරතව තිබෙනවා.