සජබ සමඟ සාකච්ඡා සඳහා එජාපයෙන් විශේෂ කමිටුවක්

සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා යන පිරිස අදාළ ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත්.