සජබ ජාතික ලැයිස්තුව තාම තීරණය කරලා නෑ – මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර (වීඩියෝ)

සමගි ජන බලවේගය යටතේ ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී ආසන 05 පිළිබඳ ව මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

අද (17) පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මහලේකම්වරයා මේ බව කියා සිටියේ.

මාධ්‍යවේදියා හිටපු මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ ඔහු ජාතික ලැයිස්තුවෙන් පැමිණීමට අපේක්ෂා කරන්නේ ද යන වගයි.

එහිදී සිනහ මුසු මුහුණින් සමගි ජන බලවේගය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ; ”ඉතිං මහලේකම් විදියට අත්සන් කරන්නෙත් මං නේ..” යනුවෙන්.

නමුත් සෙසු මන්ත්‍රී ආසන 04ට කවුරුන් පත් කරන්නේ ද යන කාරණය ගැන නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද සජබ මහලේකම්වරයා ප්‍රකාශ කළා.

මේ අතර තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් ලබාගත් ආසන 40 ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඒ අයුරින් ම ඉටුකිරීමට සූදානමින් සිටින බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28