සජබෙ විජේමුණිගේ සහායත් රනිල්ට

හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා එළඹෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා ඊයේ දින ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් හමු වී සිය තීරණය නිල වශයෙන් දැනුම් දුන්නා.

හිටපු අමාත්‍යවරයෙකු වන විජිත් විජේමුණි සොයිසාගේ සහාය එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට ලබාදෙන බවට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමු ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා මේ බව දැනුම්දුන් බවයි වාර්තා වන්නේ.

විජිත් විජේමුණි සොයිසා යනු සමගි ජන බලවේගයේ කටාන ආසනයේ ජාතික සංවිධායකවරයායි.

හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වනවිට රට දියුණු වෙමින් පවතින්නේ ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන උපාය මාර්ග යටතේ බවයි.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්‍යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ ප්‍රසන්න රණතුංග එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14