මූල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගත් අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් ‘සක්විති රණසිංහ’ නැමැත්තාට සහ ඔහුගේ හිටපු බිරිඳ කුමාරි අනුරාධනී නැමැත්තියට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 18 බැඟින් දඩ නියම කර තිබෙනවා.
එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා අද (12) නියෝග කර ඇත්තේ.
මහ බැංකුවේ අනුමැතියකින් තොරව 2006 වසරේ දී මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුන් වෙත පවරා තිබූ නඩුවක් අද (12) දින කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේ දී විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව අධිකරනය හමුවේ සඳහන් කළා.














MU SATHAYAK WATH GEWANNE NAHE, MU KALIN ATHULE HITIYA. MU APPEAL KARALA KIYANAWA GEWANNA SALLI NAHE, HIRA DANDUWAMA AHOSI KARANNA HO ADU KARANNA KALIN ATHULE SITI KALAYA ADU KARALA KIYALA. EKA LABEYI, NOLABUNATH MASA 24N ATHULE INNE MSA 22YI. SAMA KALAYA MASA 2K. EKATH INDHALA AWITH BOTTUWEN WENA RATAKATA PANYI. SALLI HANGALA THIYENNE PIT RATA WALA.