සක්විතිගේ නඩුවක් කැඳවීමට දින නියම වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කරුවන්ගේ මුදල් ලබාගෙන සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 14 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවේ විත්තිකරුවන් කිහිප දෙනෙකු වරද පිළිගැනීමට සූදානම්ව සිටින බවයි.

විත්තිකරුවන් විසින් තැන්පත්කරුවන්ට ගෙවිය හැකි මුදල් ප්‍රමාණය හා ඊට අදාළ ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කර ඇතැයි මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියා.

එම වාර්තාව අධ්‍යයනය කර මුදාහළ හැකි විත්තිකරුවන් හා අධි චෝදනා සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳ දැනුම්දීම සඳහා සති 06ක කාලයක් දැනුම් දෙන ලෙස රජයේ නීතීඥවරිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අනුව නඩුව ලබන මාර්තු මස 14 කැඳවන ලෙස අධිකරණය නියම කළ විනිසුරුවරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49