spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංවිධාන 07ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගනී

මෙරට ක්‍රියාත්මක සංවිධාන කිහිපයක් පිළිගත් දේශපාලන පක්ෂ බවට සැලකීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

2022 වසරේ දී පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් සලකනු ලැබීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ සංවිධාන අතරින් සංවිධාන 07ක් මෙලෙස පිළිගත් දේශපාලන පක්ෂ බවට සැලකීමට තීරණය කර ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය එලෙස පිළිගත් දේශපාලන පක්ෂ වනවා.

පසුගිය නොවැම්බර් 28 වනදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම දන්වා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?