සංචාරක වීසා මගින් ඕමානයට පනින්න හැදූ කතුන් දෙදෙනෙකු අල්ලයි

සංචාරක වීසා මත ඕමාන් බලා පිටත් ව යාමට පැමිණි කාන්තාවන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ කිසිදු නීතිමය අවසරයකින් තොර ව , සංචාරක වීසා යටතේ ඕමානය වෙත ගමන් කිරීමටයි පැමිණ ඇත්තේ.

ඒ අද පෙරවරු 09:25ට WY 372 දරන ගුවන් යානයෙන්.

මෙම කාන්තාවන් දෙදෙනා ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් කුටිය අසළින් බෝඩින් පාස් පෙදෙස දෙසට ගමන් කරන ආරක්ෂිත වැටෙන් රිංගා යාමට උත්සාහ කර ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

එම උත්සාහය වළකාලමින් එම කාන්තාවන් දෙදෙනා ව සිය භාරයට ගැනීමටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ.

මෙසේ පැමිණි කාන්තාවන් වන්නේ, ඒ.එස්. සිරිසේන සහ එම්. හේසිතා යන දෙදෙනා යි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා මෙම කාන්තාවන් දෙදෙනා ව කොළඹ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කරවා තිබෙනවා.

  1. සංචාරන වීසා මගින් විදේශගත වෙන්න විදේශසේවා එකට දැණුම්දීලා යන්න කියලා නීතිමය අවශ්‍යයතාවයක් නැහැ මේක ලංකාවේ ඉන්න විදේශසේවා එකේ ලොකු පුටුවල ඉන්න ගොබ්බ උපදේශකයන්ගේ වැඩක් පුලුවන්නම් ඔය අහින්සකයන්ට දාන පාට් මේ මට දාලා පෙන්නන් ප්ලීස්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22