spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංචාරක වීසා මගින් ඕමානයට පනින්න හැදූ කතුන් දෙදෙනෙකු අල්ලයි

සංචාරක වීසා මත ඕමාන් බලා පිටත් ව යාමට පැමිණි කාන්තාවන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ කිසිදු නීතිමය අවසරයකින් තොර ව , සංචාරක වීසා යටතේ ඕමානය වෙත ගමන් කිරීමටයි පැමිණ ඇත්තේ.

ඒ අද පෙරවරු 09:25ට WY 372 දරන ගුවන් යානයෙන්.

මෙම කාන්තාවන් දෙදෙනා ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් කුටිය අසළින් බෝඩින් පාස් පෙදෙස දෙසට ගමන් කරන ආරක්ෂිත වැටෙන් රිංගා යාමට උත්සාහ කර ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

එම උත්සාහය වළකාලමින් එම කාන්තාවන් දෙදෙනා ව සිය භාරයට ගැනීමටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ.

මෙසේ පැමිණි කාන්තාවන් වන්නේ, ඒ.එස්. සිරිසේන සහ එම්. හේසිතා යන දෙදෙනා යි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා මෙම කාන්තාවන් දෙදෙනා ව කොළඹ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කරවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?